බිහිසුණු ඝාතනයකින් කෙළවර වූ මත්පැන් සාදය..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 13, 2023 08:07 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (12) රාත්‍රියේ මිතුරන් පිරිසක් එක්වී පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ඝාතනයවී ඇත.

 මෙම මත්පැන් සාදය පවත්වා ඇත්තේ, මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්වීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කැවේටර් රියදුරෙකු ලෙස සේවය කළ පී. නිරෝෂන් චන්දිම නමැති 39 හැවිරිදි එක්දරු පියෙකි.

ඝාතනය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදා සෙබළෙකු ඝාතනයට යොදාගත් ආයුධයත් සමග අත්අඩංගුවට ගත් බවයි, මොරගහහේන පොලීසිය සඳහන් කළේ.

වසර 04කට අධික කාලයක් වෙන්දේසි ඉඩමේ ස්කැවේටර් රියදුරෙකු ලෙස කටයුතු කර තිබූ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ වැඩ අවසන්වූ බැවින් ඔහු වෙනුවෙන් අනෙක් සේවකයින් පිරිස මෙම මත්පැන් සාදය සංවිධානය කර තිබේ.ඒ සඳහා නිරෝෂන් චන්දිම ඊයේ මෙම සාදයට සහභාගීවීමට පැමිණ ඇත්තේ ද නිවසේ සිටය.

අනාවරණය වී ඇත්තේ, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැල්සිරිපුර ප්‍රදේශය බලා යෑම සඳහා යතුරුපැදිය වෙත පැමිණ සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල ප්‍රදේශය මිරිකා බාධා කිරීමේදී ඊට කෝපවී ඇති සැකකරු ගමන් බෑගයේ තිබූ උල් පිහිය රැගෙන මෙම ඝාතනය සිදුකර තිබූ බවයි.

පොලීසිය සඳහන් කළේ, වෙන්දේසි ඉඩමේ කාර්යාලයට යාබදව මළසිරුර තිබී ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිසට කොට්ටයක් ද තබා තිබූ බවය. කොට්ටය තැබූ පුද්ගලයා කවුදැයි කීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවද පොලීසිය පැවසීය.

මෙම ඝාතනය මෙම ස්ථානයේ නොව වෙනත් ස්ථානයක සිදුවන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි බවද පොලීසිය පෙන්වා දෙයි. ඝාතනය සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩමේ සේවකයින් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.