බීමත් විහාරාධිපති හා භික්‍ෂූ පිරිසක් ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන් හැටි මෙන්න..
ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ භික්ෂුන් වහන්සේලා පස් නමක්, පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තිබෙනවා.
මෙලෙස තමන්ට පහර දී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවු බව පහර කැමට ලක් වුවේ යැයි කියන ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර සම්පත් ලියනගේ (36) නැමති එක්දරු පියා ප්‍රකාශ කළා.
විහාරස්ථානයට යාබදව පිහිටි පෞද්ගලික ආයතනයක තමන් ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉකුත් (15) දින තම ආයතනය දෙසට බීමත්ව පැමිණි භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා ඇයි මෙහෙම බිගෙන මේ වගේ අසභ්‍ය වචන කියන්නේ යනුවෙන් විමසු විට භික්ෂුන් වහන්සේලා සියළු දෙනා එක් වි තම අතෙහි තිබු විදුලි පන්දම උදුරාගෙන තමන්ට පහර දී තුවාල සිදු කල බවයි පහර කැමට ලක් වු පුද්ගලයා කියා සිටියේ.
පහර දීමෙන් තුවාල ලැබු තමන් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබු බවත්, පහර දීම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කලද පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන තෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවු බවත්, පහර කැමට ලක් වුවේ යැයි කියන තුෂාර සම්පත් ලියනගේ කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |