පාතාල නායකයාගේ බිරිඳට පෙම්කළ ත්‍රීරෝද රථ රියදුරාට අත්වූ භයානක ඉරණම..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 01, 2023 03:24 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී පසුගිය 28 වනදා මොහොමඩ් සාජහන් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කාන්තාවක් හා තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව සමග මරණකරු සමීප සබඳතා පවත්වා ඇති බව හෙළි වී ඇත. කාන්තාවගේ  සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු "බ්ලූමැන්ඩල් රවී" නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලක ලෙස කටයුතු කරන තැනැත්තා බව සඳහන් ය.

ඔහුව අත්අඩංගුවට ගැනුණේ ඝාතනයට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් වන අතර මොහු කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක්, නවීන පන්නයේ ජංගම දුරකථන 9ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ද ඔහු සතුව තිබී සොයාගෙන තිබුණි.පොලීසිය සඳහන් කළේ, විවිධ රථ වාහනවල ආදායම් බලපත්‍ර 21ක් හා විවිධ බැංකු ගිණුම් පොත් දහයක් ද සැකකරු සතුව තිබී සිය භාරයට ගත් බවය.

ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරා ප්‍රබල පාතාල නායකයකුගේ බිරිඳ සමග පැවැත්වූ අනියම් සම්බන්ධතාවයකට පළිගැනීමට මෙම ඝාතනය කළ බවයි, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ.

පසුගිය මස පළමුවැනිදා සිට 27 වනදා දක්වා මෙම සැකකාරිය ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරු සමඟ කුලී ගමන් ගොස් හිතවත් වී ඇති අතර අනතුරුව ඩුබායි හි සිටින බ්ලූමැන්ඩල් රවීගේ උපදෙස් මත නිවසේ සිට ත්‍රිරෝද රථ රියදුරු දුරකථන ඇමතුමක් ලබාදී වැල්ලම්පිටියට ගෙන්වාගෙන තිබු බව ද හෙළි වී තිබේ.