ගම්පොළ 20 හැවිරිදි තරුණයා ඝාතනය සම්බන්ධයෙන් එළියට නවතම තොරතුර..

By Sithumi Aug 06, 2022 02:40 PM GMT
Report

ගම්පහ කෙහෙල්බද්දරදී අද උදෑසන 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම පසුගිය 27 වනදා ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී සමන් රෝහිත පෙරේරා හෙවත් පස්පොඩ්ඩා ඇතුලු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ දිගුවක් දැයි පොලිසිය සැක පළ කරනවා.

අද උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

පසුගිය මැයි 30 වනදා සිට මේ දක්වා ගත වූ කාලය තුල දිවයිනේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් 21 කින් පුද්ගලයින් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ. මේ අතර දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසළ මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයා ගැණුනු පිරිමි මළ සිරුරේ අනන්‍යතාවය තවමත් හෙළි වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.