අගමැති මහින්ද රාජපක්ෂ තීරණයක..
දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බව අද (09) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ රැස්ව සිටි විශාල පිරිසක් අමතමිනි.
"රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.
ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන් පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය.මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.පළමුවත් මව්බිම.දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.ඔබ සැමට සුබ අනාගතයක්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |