අතුරුදන් වූ පාසල් සිසුවිය පෙම්වතා ඉදිරිපිටදීම කළු පාලමෙන් මහවැලි ගඟට පනී..බය නිසා කිව්වේ නෑ.." - පෙම්වතා සියල්ල වමාරයි.

Police Kandy School girl Peradeniya
By Aruna Dec 16, 2021 04:20 AM GMT
Report

මහනුවර නගරයේ බාලිකා විදුහලක 11 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් පසුගිය 09 වැනිදා සිට අතුරුදන්ව සිටින බවට ඇගේ මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් ඇගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

තැන්නකුඹුරේ පදිංචි 15 හැවිරිදි තරුණිය පේරාදෙණිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන්න බවත්, ඒ හේතුවෙන් බියට පත්ව සිද්ධිය කිසිවකුට හෝ නොකියා තම නිවෙසටම වී සිටි බවත් අත්අඩංගුවට පත් තරුණයා පාපෝච්චාරණයක් කරමින් පොලිසියට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශයෙන් පසු පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයෙන් මහවැලි ගඟට බැස පරීක්ෂා කර ඇතත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා.

පසුගිය 09 දින පස්වරු 2.30ට පමණ දැරියගේ පියා බැඩ්මිටන් පුහුණුව සඳහා මෝටර් රථයෙන් කැඳවාගෙන විත් පාසලට ඇරලවන දර්ශන සහ පියා පිටව යනවාත් සමඟම ඇය පාසලෙන් පිටතට පැමිණෙන දර්ශනත් අසල ඇති සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස පාසලෙන් පිටතට පැමිණි සිසුවිය තමන් හමුවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව පිහිටි කළු පාලම අසලට පැමිණි බවත්, එහිදී තම දුරකථනයේ වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවුඩ කිහිපයක් දැක ඇය පාලමෙන් ගඟට පැන්න බවත් තරුණයා පොලිසියට පවසා තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා අද (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාර කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත් වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now