ගුටි කෙළියක් වූ ‘මිස් ශ්‍රී ලංකා කිරුළ’ ඇන්ජලියාට අහිමිවෙයි?..සැටර්න් අයිලන්ඩ්වලින් නිවේදනයක්..(PHOTOS)
ගුටි කෙළියක් මැද ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ ලෙස පසුගියදා කිරුළු පැළඳූ ඇන්ජලියා ගුණසේකරගේ කිරුළ යළි ගැලවිය යුතු බවට පැතිර යන ආරංචි අසත්‍ය බව එහි සංවිධායක කමිටුව පවසනවා.
‘මිස් ශ්‍රී ලංකා’ කිරුළේ අනුශුරිය බවට පත්වූ තැනැත්තියකගේ මව, පියා සහ ඇයගේ පෙම්වතා පවසන්නේ අන්ජලියා කිරුළ දිනුවේ තම දක්ෂතාවයෙන් නොව මුදලේ බලයෙන් බවයි.
කිරුළ දැරීමට වැඩිම සුදුකමක් ඇත්තේ තම දියණියට බව පවසමින් ඔවුන් උත්සව අවස්ථාවේ කළහකාරී ලෙස හැසිරී ඇත.
ඔවුන්ට සහාය පළකරමින් තවත් පිරිසක් පවසා ඇත්තේ මුදලට තරගය විකිණී ඇති බවයි.
මෙම බහින්බස්වීම ගුටි කෙළියක් බවට පත්ව ඇත්තේ අන්ජලියාගේ පෙම්වතා සහ ඇයට සහාය ලබාදීමට පැමිණි පිරිස ද ඊට හවුල්වීමත් සමගිනි.
ඔවුන් දිගින් දිගටම පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය අන්ජලියා ලබාගත්තේ මුදල් ලබාදී නොව ඇයගේ හැකියාවෙන් පමණක් බවයි.
කෙසේ නමුත්, අවසානයේ ඇන්ජලියාට සිදුව ඇත්තේ කිරුළ දරාගෙනම ගුටි කෙළිය සමනයට කිරීමට මැදිහත් වන්නටය.
මෙම තරගයේ නිවේදකයා ලෙස කටයුතු කර ඇත්තේ ජනප්‍රිය නිවේදකයකු වන මාධව විජේසිංහය.
ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ගුටි කෙළිය සමනයට කරන්නට ගිය අවස්ථාවේ ඔහුට ද තුවාල සිදුව ඇති බවයි.
නමුත්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මාධව සඳහන් කර ඇත්තේ තමන් හොඳින් සිටින බවයි.
මෙම තරගය විනිශ්චය කිරීමට රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා සහ මෙම වසරේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජන වූ ඌෂි පෙරේරා ද එක්ව සිටියහ.
‘මිස් ශ්‍රී ලංකා නිව්යෝරක්’හිදී සිදුවූයේ කුමක්දැයි විමසීම සඳහා අවස්ථා කිහිපයකදීම අප ඔවුන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.
සැටර්න් අයිලන්ඩ්හි ඇති සුඛෝපභෝගී උත්සව ශාලා පහම මෙම සිදුවීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මින්පසු ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් පවත්වන කිසිදු උත්සව අවස්ථාවකට තම උත්සව ශාලාව ලබා නොදෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |