මෙරට ප්‍රධානතම නගරය බිහිසුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

Gampaha Shooting Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 06, 2022 03:10 AM GMT
Report

මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බවය.

පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිවැදීමට ලක්වූ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now