මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, මහවැලි ගඟ ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.
මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඉදිරියේදී තවදුරටත් වර්ෂාපතනය ලැබිය හැකි බවට පවතින පුරෝකථන සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති තත්ත්වය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ඒ අනුව, මහවැලි ගඟ ද්‍රෝණියට අයත් උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාවට විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දැනුම් දී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරියේදී තවදුරටත් වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.