මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන්යයි..!
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
මින්නේරිය පොලිසිය සදහන් කළේ, මින්නේරිය රෝටවැව ප්රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය සිය බෑනාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස ඝාතනය වී ඇත.
මරණයට පත්වූ පුද්ගලයා දිනපතා බීමත්ව පැමිණ සිය බිරිදට රණ්ඩුසරුවල් කර ඇති අතර පසුගියදා මරණකරු සිය බිරිද සමග රණ්ඩු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අදාල අවස්ථාවේ බිරිද දරුවන්ද රැගෙන යාබද නිවසේ සිටින සිය පියාගේ නිවසට ගොස් සැගව සිටින අතර තුර ඒම නිවසට ද පැමිණ මෙම පුද්ගලයා රණ්ඩු කළ අවස්ථාවේ මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන් නිවසේ තිබූ උදැල්ලෙන් සැකකාර මාමා විසින් ඔහුගේ හිස ප්රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි විමර්ශනවල දී අනාවරණය වූ බවයි.