තරුණියන් 12ක් රවටා පාසල් සිසුවා සිදු කළ අපරාධය..

Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi May 16, 2023 02:55 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය විසින් පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් පිරිසක් රවටා නිරුවත් ඡායාරූප ලබාගත් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකි. අදාළ සිසුවා නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මෙලෙස පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් 12 දෙනෙකු රවටා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන්පසු අදාළ සිසුවා සිය ව්‍යාජ වට්ස්ඇප් අංකය වෙත අදාළ රැවටීමට හසුවූ පාසල් සිසුවියන් ඇතුළු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇත. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකාර සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම ශිෂ්‍යා වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කරගනිමින් ප්‍රසිද්ධ නිළියක්, ඇයගේ නැගනිය හා ප්‍රසිද්ධ නිරූපිකාවක් ලෙස පෙනි සිට ඇති බවද හෙළිවී ඇත.

මෙලෙස ඔහුගේ රැවටීමට හසුවූ පිරිස අතරින් බහුතරයක් පාසල් සිසුවියන් වන අතර ඉන් 05 දෙනෙකු ඔහු සමග උපකාරක පංතිවලට සහභාගි වූ යෙහෙළියන් වීමද විශේෂත්වයකි.

එමෙන්ම අදාළ උපකාරක පංතියේ කාර්යාල සහයිකාව ද ඒ අතරට අයත් බව මේ වනවිට හෙළිවී ඇත. එලෙස නිරුවත් ඡායාරූප එවන ලද එක් පාසල් සිසුවියකගේ ඡායාරූප හා දර්ශන සැකකරුගේ පරිගණකයේ තිබෙනු ඔහුගේ යහළුවෙකු දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව අදාළ සිසුවියට දැනුම්දී තිබේ.

ඒ අනුව තමන් රැවටීමකට ලක්වු බව දැනගැනීමත් සමග සියදිවි නසා ගන්නා බව පවසමින් සිය මව්පියන් වෙත ලියන ලද ලිපියක්ද අදාළ සිසුවිය ඇයගේ යෙහෙළියකට යොමු කර තිබුණි.

ලද පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම සිසුවා මෙවැනිම සිද්ධියක් හේතුවෙන් පාසලේ පන්ති තහනමකට ලක්ව සිටින අයෙක් බවය.

සැකකාර පාසල් ශිෂ්‍යයා විසින් සිසුවියන්ගෙන් නිරුවත් ඡායාරූප හා දර්ශන ගෙන්වා ගැනීමෙන් පසු එම ඡායාරූප හා දර්ශන සිසුවියන් ලවාම ඔවුන්ගේ වට්ස්ඇප් සංවාදවලින් මකා දමා ඇති බවයි සිදු කළ මූලික විමර්ශනයේදි අනාවරණ වි ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now