විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට

Vijitha Herath Death Ministry of Foreign Affairs - sri lanka Latest Headlines Sinhala news
By R.rishma Sep 10, 2026 12:19 PM GMT
Report

විදේශ රැකියාවක නිරතව සිටියදී මරණයට පත්වන විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

මෙය විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදිය හැකි විශාල සහනයක් බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදේශ රැකියාවක නිරතව සිටියදී මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් 50 දෙනෙකුගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7ක වන්දි මුදලක් ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

මීට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී මරණයට පත්වන ශ්‍රමිකයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදී තිබුණේ රුපියල් ලක්ෂ 6ක මුදලකි. එම මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීම පිළිබඳව තමන් සතුටු වන බවද අමාත්‍යවරයා පැවසීය.

විවිධ අවාසනාවන්ත හේතූන් මත වාර්ෂිකව විදේශගත ශ්‍රමිකයින් 250කට ආසන්න පිරිසක් මරණයට පත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් සහ යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශගත ශ්‍රමිකයින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් ප්‍රේෂණ ලෙස මෙරටට ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් වෙනුවෙන් තවදුරටත් සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.

වත්කම් බැරකම් පරක්කු වුණ අයට අල්ලස් කොමිසමෙන් සහනයක්

වත්කම් බැරකම් පරක්කු වුණ අයට අල්ලස් කොමිසමෙන් සහනයක්

ඒ යටතේ විදේශගත ශ්‍රමිකයින් සඳහා නිවාස ණය ලෙස රුපියල් මිලියන 10ක් දක්වා මුදලක් බැංකු හරහා අඩු පොලී අනුපාතයක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති අතර, එම පොලියෙන් කොටසක් කාර්යාංශය මගින් දැරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම විදේශගත ශ්‍රමිකයින්ගේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ සහ වාර්ෂික ශිෂ්‍යත්ව දීමනා ඇතුළු සුබසාධන පහසුකම්ද දැනටමත් ලබාදෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.