අවුරුදු තුන හමාරක දරුවාගේ ගෙල මිරිකා මරාදමා, සියදිවි නසාගනී..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Dec 12, 2022 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 මීගහතැන්න ප්‍රදේශයේ, වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙකුට පහර දී නිදි යහනේ දී ගෙල මිරිකා ඝාතනය කළ පුද්ගලයකු  ගෙල වැල ලාගෙන මිය ගොස් ඇතැ යි මීගහතැන්න පොලිසිය පවනවා.

වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති එම්.නෙතුම් සස්සර නැමති පිරිමි දරුවෙකු සහ හලෝවිට හේවගේ සචිත්ත නමැති 21 හැවිරිදි පුද්ගලයෙකු යි මෙසේ මිය ගොස් ඇත්තේ.

මිය ගොස් ඇති දරුවාගේ මව, පියාගෙන් වෙන් ව ගෙල වැල ලාගෙන මිය ගොස් ඇති පුද්ගලයා සමග එකට ජීවත් වූ බව සඳහන්.

ඇය අද (12) උදෑසන සිය 10 හැවිරිදි දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර ඝාතනය සිදු ව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවල දී තහවුරු ව ඇතැ යි පොලිසිය සඳහන් කරනවා.

දරුවාගේ මළසිරුර මීගහතැන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහල වෙත යොමු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now