අතිශය අමානුෂික ලෙස තරුණයෙකු ඝාතනය කළ, ප්‍රසිද්ධ ගායකයාට වසර 12 ක සිර දඬුවම්

France
By Sewvandhi Sep 24, 2023 08:49 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ප්‍රංශ ප්‍රසිද්ධ රැප් ගායක MHD හෙවත් මොහොමඩ් සිල්ලා හට තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 12ක සිරදඬුවමක් නියම කර තිබේ.

එරට අධිකරණය ඔහුට ,2018 වසරේ පැරිසියේදී තවත් පිරිසක් සමඟ එක්ව 23 හැවිරිදි ලොයික් කේ නම් තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම ලබා දී ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මොහොමඩ් සිල්ලා විසින් එම පුද්ගලයාව සිය මෝටර් රථයෙන් හප්පා බිම දමා පසුව තවත් දෙළොස් දෙනෙකු සමඟ එකතුව පහර දී තියුණු ආයුධයකින් ඇන මරා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ, තමන් නිර්දෝෂී බවත් තමා එම ඝාතනයට කිසිදු සම්බන්ධකමක් නොමැති බවත්ය.

මෙම නඩුව කටකතා මත පදනම්ව ගොනුකර ඇති එකක් බවයි, ඔහු පවසා ඇත්තේ.කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදු වූ අවස්ථාවේ දී එය ප්‍රදේශවාසියෙකු විසින් රූගත කර ඇති අතර මොහොමඩ් සිල්ලාගේ මෝටර් රථය එහි පටිගත වී තිබේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ,එම විඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ තොරතුරු අනුව, මොහොමඩ් සිල්ලාගේ කොණ්ඩ මොස්තරය සහ ඇඳ සිටි ඇඳුමින් ද ඔහු එම ස්ථානයේ සිට ඇති බව හඳුනාගෙන ඇති බවයි.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් පස් දෙනෙකුට වසර 10ත් 18ත් අතර සිරදඬුවම් ද ලබා දී ඇති අතර තවත් තිදෙනෙකුව නිදොස් කොට නිදහස් කර ඇත. මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් සිල්ලා, රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ වීමට පෙර පැරිසියේ පීසා බෙදා හැරීමේ රැකියාවක් සිදුකර ඇති බව සඳහන් වේ.