"ඔලුව හත් කඩකට යවන්න" ඝාතනයකින් එළියට ආ භයානක කතාව

Crime Murder meerigama
By Sithumi Jan 21, 2022 11:31 AM GMT
Report

වැලිගම, මිදිගම තුර්කි ගම්මානයේ නිවසකදී ඊයේ (20) සිදුකරන ලද වෙඩි තැබීමකින් 46 හැවිරිදි තිදරු පියෙක් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

වැලිගම මුලස්ථාන පොලීසිය සඳහන් කළේ,ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි ජයසේකර විතානගේ නිසංක කුමාර නැමති පුද්ගලයෙකු බවය. වෙඩිවැදී මියගිය පුද්ගලයාට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාගවූ අතර ඔහු ඊයේ පෙරවරුවේ ඊට සහභාගී වී තිබුණි. අනතුරුව ඔහු කිසියම් පුද්ගලයකු සමග පස්වරුවේදී යතුරුපැදියකින් නිවසට පැමිණ ඇත.

මෙම අවස්ථාවේදී ඔහු සමග පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් හා නියෝග මත වැලිගම මුලස්ථාන පොලීසිය, මිදිගම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විමර්ශන සිදුකරයි

. ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කළේ, “අපි විවාහ උත්සවයකට කොළඹ යන්න හිටියේ. එක පාරටම වතුර මීටරේ කැඩුණා. ලොකු දුව තාත්තට කතා කරලා කිව්වා වතුර මීටරේ කැඩිලා ඒක හදන්න කියලා

. ඒකට තමයි ඔය බූලා කියන කෙනාත් එක්ක ඇවිත් තිබුණේ. කියතක් ගේන්න කියලා ගෙට ගියාට පස්සේ එනකොට තමයි වෙඩි තියලා තිබ්බේ. දරුවන් 3දෙනයි මමයි අසරණ වුණා. මගේ මහත්තයා පාතාලයට සම්බන්ධ නෑ. කටින පිංකමේ කපපු නඩුව තිබුණේ.

ඊයේ තමයි තීන්දුව දුන්නේ.” ඝාතනය වූ පුද්ගලයාගේ මව, “මගේ රටක් වටින පුතාට ගෙදරටම ඇවිත් වෙඩි තිබ්බා.. උගේ හිස හත්කඩකට යවන්න පුතේ. මට දීපු ගින්දර.. මේ ගින්න නිවෙන්න මං මැරෙන්න ඕනේ මගේ පුතේ. මට උහුලන්න බෑ..නාගයෙක් වෙයං මගේ පුතේ.. බොටුව කාපං..”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now