ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්.(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Aruna May 05, 2022 03:19 AM GMT
Report

විදේශ ගමන් බලපත්‍ර සේවා අත්හිටුවීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට බත්තරමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

මීට දින කිහිපයකට පෙර ද මෙවැනි ම තත්ත්වයක් ඇති වූ අතර, පසු ව එය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now