සැමියා සොයා ආ වෙඩික්කරුවන්, තිදරු මවකගේ ජීවිතය බිලි ගත් හැටි ! මතුගම කැළඹූ වෙඩි තැබීමේ ඇඟ කිළිපොලා යන CCTV දර්ශන..(CCTV VIDEO)

Sri Lanka shot Mathugama CCTV video Balika road
By Sewvandhi Feb 16, 2022 05:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවගේ සැමියා, දරුවන්ද සමග කාමරයකට දිවගොස් දිවි බේරාගෙන මතුගම - බාලිකා පාර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලිසිය පැවසුවේ, ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ සැමියා ඝාතකයින්ගේ ඉලක්කය වී ඇති බවයි. මේ අතර, ඝාතකයින් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කළා.

මතුගම බාලිකා ප්‍රදේශයේ නිවසකදී ඊයේ රාත්‍රී 9 ට පමණ මෙම ඝාතනය සිදුව තිබුණා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එක්වරම නිවසට ඇතුළු වී වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පුද්ගලයින් දෙදෙනෙකු නිවසට ඇතුළු වන ආකාරය එම ස්ථානයේ සවි කර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 38 හැවිරිදි තිදරු මවක්.

ඝාතකයින් නිවසට ඇතුළු වූ අවස්ථාවේ කාන්තාවගේ සැමියා, දරුවන්ද සමග කාමරයකට දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ ඇයගේ සැමියා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණ ඇති බවටයි. වෙඩි තැබීම සඳහා ටී. 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර, සිද්ධිය වූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 6 ක්ද සොයා ගැනුණා.

පාතාල සාමාජිකයෙකු වූ මතුගම ශාන් නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එය කොන්ත්‍රාත්තුවක් මත සිදුකළේ ද යන්න පිළිබඳ විමර්ශන පවත්වන බවත් පොලීසිය පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now