ගමක් රත් කරමින් තවත් බිහිසුණු වෙඩි තැබීමක්..!

Matara Shooting Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 30, 2023 02:02 AM GMT
Report

මාතර මිදිගම ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. 

පොලිසිය සදහන් කරන්නෙ,  මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අවන්හලක් ඉදිරිපිටදී එහි හිමිකරුට වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

32 අදාළ පුද්ගලයා අවන්හල ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටින වෑන් රථයකින් පැමිණි පිරිස ටී -56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු වූ බවට පොලිසිය කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ. 

 වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

වෙඩි තැබීම සඳහා යොදාගත් වාහනය අහංගම ප්‍රදේශයේ දමා ගොස් ඇති පොලිසිය විසින් සොයාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now