වෙඩි පහර පහකින් පැරණි ආරවුල නිමවෙයි - මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන පුවත..

Sri Lanka Police Matara Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 15, 2023 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (14) අලුයම් කාලයේ දී මාතර පොලිස් බල ප්‍රදේශයේ සම්බෝධි මාවත, පල්ලිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

පොලීසිය විශ්වාස කරන්නේ, විදේශගත ව සිටින පාතාල කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

9 MM වර්ගයේ පිස්තෝලයකින් වෙඩි පහර 05ක් තබා සැකකරුවන් පළා ගොස් ඇති බව පොලීසිය සොයාගෙන ඇත. වෙඩි පහර, නිවසේ තිබූ මෝටර් රථයට, ත්‍රිරෝද රථයට හා නිවසේ බිත්තියට වැදී ඇති අතර, කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව වාර්තා වේ.

වෙඩි පහර පහකින් පැරණි ආරවුල නිමවෙයි - මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන පුවත.. | Matara Sambodhi Mavatha Gun Shot

මෙම  වෙඩි තැබීමට හේතුව 2010 වර්ෂයේ දී සිදු වූ සිදුවීමක් බවට පොලීසිය හෙළිදරව් කරගෙන ඇත.එනම්, කැකනදුර ප්‍රදේශයේ පදිංචි ව සිටි රංගන නමැති පුද්ගලයෙකු, කැකනදුර නීල් නමැති පුද්ගලයෙකු විසින් ඇල්ලකන්ද රක්ෂිතයට රැගෙන ගොස් පහර දී ඝාතනය කර පුළුස්සා දැමූ සිද්ධියක් වාර්තා වී තිබේ.

 පොලීසිය සඳහන් කරන්නේ, එම සිද්ධියේ නඩුකටයුත්තක් සඳහා සැකකරුට විරුද්ධව සාක්ෂි ලබා දීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වැඩිදුර පරික්ෂණ මාතර පොලීසිය විසින් සිදු කරනු ලැබේ