වසර 5ක් පුරාවට බාලවයස්කාර දැරියක් පුළුස්සා වධ දෙමින් අපයෝජනය කළ පාපතර සුළු පියා..

By Sewvandhi Jan 22, 2022 04:06 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වසර 5ක් බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් යට ගැසිමට යාමේදී එක්සත් මානව හිමිකම් සංවිධානය මගින් අදාල බලධාරීන් දැනුවත් කරමින් මෙම සිද්ධියට අදාල වැරදි කරුවන්ට දඩුවම් ලබා දී ඇත.

මානව් හිමිකම් සංවිධානය ප්‍රකාශ කරන පරිදි සිද්ධිය මෙසේය..

"මාතර ළමා හා කාන්තා අංශයෙන් යට ගැහෙන්නට ගිය ඒ කතාව.... අප විසින් ග්‍රෑන්ඩ්පාස් මූලස්ථානයට යොමුකරවීම නිසා වසර 5ක් තිස්සේ දැරියව බිය ගන්වා, හැදි රත් කර ඇයව පුළුස්සමින් අපයෝජනය කල ඇයගේ මවගේ ස්වාමියා, MUNZEER (බාප්පා)ව ග්‍රෑන්ඩ්පාස් විශේෂ කණ්ඩායමක් මගින් 2022/01/18 අත් අඩංගුවට ගෙන 2022/01/19 (BR 206/22) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. 

අනතුරුව බන්ධනාගාරගත කර ඇති මෙම පුද්ගලයාට එරෙහිව නඩු 4ක් ගොණු කර ඇති බවත් මීළග නඩු වාරය 2022/06/24 බවත් කරුණු විමසීමේදී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ මූල්ස්ථානය අප වෙත දැනුම් දී ඇත.

මාතර එවකට එම අංශයේ ස්ථානාධිපතිනිය නිරෝෂා හේවාපතිරණ මේ වන විට යලිත් කොළඹ CIDයට අනුයුක්තවී ඇත.

ඇය හා එක්ව මේ අපරාධය යට ගසා , බාප්පා විසින් කරනා ලද පිළිස්සුම් තුවාල (බඩ පෙදෙස) මේ ළමයාව පෙම්වතා සමග පිටකර යවා නිවසේ අයට "හෙට ඒ දෙන්නා බදිනවා තමුසෙලාත් කසාදෙට එනවා" තර්ජනය කළවිට වයස 15 ළමයා පිලිබදව ප්‍රශ්න කල ළමයාගෙ අයියා විසින් පුළුස්සන ලදැයි ළමයාට බලපෑම් කර අත්සන් ගෙන එම අහමඩ් නමැති අහිංසක තරුණයාව බන්ධනාගාරගත කිරීමට මහත් උත්සාහයක් දැරූ උ.පො. ප. කමීල් ඇතුළු කණ්ඩායම එම ස්ථානාධිපතිනිය (නිරෝෂා හේවාපතිරණගේ මගපෙන්වීමෙන් )ළමයාට ගර්භණී පරීක්ෂණයක් කොට , මහත් ව්‍යසනයකට අඩිතාලම් දැමීය.

මේ ළමයා භාරකාරත්වයෙන් පැහැරගෙන ගිය 24හැවිරිදි තරුණයාට හා බාලවයස්කාර දැරිවියව නිවසේ සගවාගෙන සිටි ඔහුගේ මව් පියන්ටද නීතිය ක්‍රියාත්මක වී නැත.

ගරු කා.නි.පො.පති රේණුකා ජයසුන්දර මහත්මිය මීළග පියවරද සාර්ථකව නිම කරනු ඇතැයි අපි විශ්වාස කරමු. එතුමියට හා අධ්‍යක්ෂක කා.ජේ.පො.අ. දර්ශිකා රණසිංහ මහත්මිය ඇතුළු  කණ්ඩායමට ස්තූතිය."

ලෙස මානව හිමිකම් සංවිධානය දන්වා සිටිනවා.