25 කට අධික පිරිසකට මරු කැඳවූ ඉන්දියාවේ ඇති වූ දරුණු ගින්න... වීඩියෝ සහිතයි.. (VIDEO)

By Sithumi May 13, 2022 06:31 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

බටහිර නවදිල්ලියේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 26 දෙනෙකු  තිබෙන අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිරවී සිටින බවයි ගිනි නිවීම් ඒකකය නිලධාරීන් ප්‍රකාශකර ඇත්තේ. මේවන විට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති අතර 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. 

 ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි ඛේදවාචකය පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. තමන් මෙම ඛේදජනක ගින්නෙන් කනස්සල්ලට පත්ව සිටින අතර විපතට පත් පවුල්වලට ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

70කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති අතර ගොඩනැගිල්ලේ පළමු මහලේ ගින්න හටගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ. සී සී ටී වී කැමරා සහ රවුටර් නිෂ්පාදන ආයතනයක කාර්යාලයක ගින්න සිදුව ඇතැයි සඳහන්.

එම දරුණු ගින්න්නනේ  වීඩියෝ දර්ශන පහතින් නරඹන්න