මරුවා වෙඩි වැදී මරුට..!

Galle Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 19, 2022 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ගාල්ල - යක්කලමුල්ල, කලුවලගල, මාගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ අද සිදු කළ වෙඩි තැබීමෙන් ඝාතනය කර ඇත්තේ මීට වසර තුනකට පමණ පෙර බස් රථයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා. 34 හැවිරිදි මරුවා හෙවත් සමන් කුමාර නැමැති මොහු කුඩාඌරගහ - ආඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු විසින් අදාළ නිවසේ කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද පෙරවරුවේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට අමතරව 30 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම ඔහුගේ 04 හැවිරිදි පුත්‍රයාද තුවාල ලැබුවා. කෙසේ වෙතත් කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් 34 හැවිරිදි සැකකරු මියගොස් සිටි අතර එම රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවාගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෙඩි වැදුණු අනෙක් පුද්ගලයා මේ වන විට මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර සැකකරුවන් නිවස අසළට පැමිණෙමින් තිබූ යතුරු පැදියක්ද කොල්ල කා පළාගොස් තිබුණා. ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෙම ආරවුලෙන් මේ වන විට ඝාතනයට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06ක්. අද ඝාතනය කෙරුණු පුද්ගලයා , 2019 සැප්තැම්බර් 06 වනදා ඇල්පිටිය, අලුත්ගම මාර්ගයේ අටකොහොට අටේ කණුව ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටි දෙදරු පියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට ගිනි අවිය ලබා දුන් සැකකරු වනවා.

ඔහු මෙම සිද්ධියට ඇප මත නිදහස්ව සිටි අයෙකුද වන අතර එම නඩුවේ හතරවන සැකකරු වන ධම්මික විමලසිරි නැමැත්තා කුඩාඋරගහ- නුගුඩුමුල්ල මංසන්ධියේ කොණ්ඩා කපන ස්ථානයක සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය අගෝස්තු මස 24 වනදායි. කෙසේ වෙතත් මැයි මාසයේ සිට මේ දක්වා දිවයින පුරා සිදුවූ මෙවැනි වෙඩි තැබීම්වලින් මේ වන විට පුද්ගලයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now