මන්නා වලින් මිනිසුන් කපා කොටන පාතාලයා..

India Manna Malindha Kahathuduva Polgasowita Lodiya
By Sewvandhi Jan 30, 2022 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඉසුරු නිලන්ත නොහොත් 'මන්නා මලින්ද' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නා ආයුධවලින් පුද්ගලයින්ට මරණීය තුවාල සිදුකිරීම හා බියවැද්දීම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට අදාළව එම සැකකරුව පොලීසියට අවශ්‍යව සිටියේය.

පොලීසියට ලද තොරතුරකට අනුව කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඉන්දියානු පොලිස් අත්අඩංගුවේ පසුවන ලොඩියා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන සහායකයෙකු ලෙස සැලකෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now