ගෙදර වත්තෙන් හොයා ගන්න මඤ්ඤොක්කා වලින් රසම රස පිට්ටු හදමු...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jun 30, 2022 06:36 AM GMT
Subodha

Subodha

in රචනා
Report

පිට්ටු එහෙමත් නැත්නම් කේරලෙන් මෙහෙට ආව පුට්ටු කියන්නෙ රෑ කෑමක් විදියටයි උදේ කෑමක් විදියටයි ලංකාවෙ අපි අතර සෑහෙන ජනප්‍රිය කෑමක්. හරිම විදියට හාල් පිටි වලට පොල් කලවම් කරල හදන මේ පිට්ටුවේ එක එක ප්‍රභේද දැන් තියෙනව. අද මේ කියන්න යන්නෙ පිට්ටු එහෙමත් නැත්නම් මඤ්ඤොක්කා පිට්ටු හදාගන්න රෙසිපි කීපයක් ගැන. 


අවශ්‍ය ද්‍රව්‍ය - 
  • වියළාගත් මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200
  • හාල්පිටි ග්‍රෑම් 100
  • ගාගත් පොල් ගෙඩි 1
  • උණු වතුර ස්වල්පයක්  


සාදන ආකාරය - 
  • මුලින්ම පොතු ඇරලා කපලා හෝදගත්තු මඤ්ඤොක්කා ටික පොඩියට වෙන්න කපලා අව්වේ වේලගන්න. වේලගත්තු මඤ්ඤොක්කා ටික වංගෙඩියේ හෝ ග්‍රයින්ඩරේක කොටාගෙන පෙරේනයකින් හලාගෙන මඤ්ඤොක්කා පිටි ටික හදාගන්න. ඔන්න මඤ්ඤොක්කා පිටි ලෑස්තියි. දැන් භාජනයක් අරගෙන මඤ්ඤොක්කා පිටි හා හාල්පිටි එකතු කරන්න. ඒකට ගාගත්තු පොල්, ලුණු සහ වතුර එකතු කරලා කැට හිටින විදියට කලවම් කරගන්න. මේ විදියට කැට කරගත්තු මිශ්‍රණය සාමාන්‍ය විදියටම පිට්ටු බම්බුවකට දාලා තම්බ ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now