වෙඩි වැදුණු පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට..! ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයකත් බිහිසුණු වෙඩි තැබීමක්..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Feb 12, 2024 02:08 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මල්වතුහිරිපිටය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පොලිස් නිලධාරියා ඊයේ (11) මියගොස් ඇති බවය.

පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ මල්වතුහිරිපිටය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් අදාළ සැකකරු පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සහ කර තිබේ.

එහිදී ගිනිඅවිය ක්‍රියාත්මක වීම හේතුවෙන් පොලිස් නිලධාරියාට වෙඩි වැදීමත් සමග සැකකරු රාජකාරී ගිනිඅවියද රැගෙන පළා ගොස් ඇති බව සඳහන්ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බිංගිරිය, බෝලවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවසේ තිබී පොලිස් සැරයන්වරයාට අයත් රිවෝල් වර්ගයේ ගිනිඅවිය, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 03ක් සහ සැකකරු පැමිණි ත්‍රීරෝද රථය පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම සැකකරුට සැඟවී සිටීම සඳහා අධාරඅනුබල ලබා දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. සැකකරු 42 හැවිරිදි වතුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 35 හැවිරිදි උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහ මල්වතුහිරිපිටිය යන පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර,ඊයේ (11) රාත්‍රීයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්න.

වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, මංකොල්ලකරුවන් පිරිස පළාගොස් ඇතැයි වාර්තා වේ.