ප්‍රදේශයක් රත්කළ බිහිසුණු වෙඩි තැබීම - පොලිස් නිලධාරියෙක් රෝහලේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Gun Shooting
By Sewvandhi Feb 10, 2024 03:03 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මල්වතු හිරිපිටියේ බටේපොළ ප්‍රදේශයේ අද (10) සිදු වූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අදාළ පොලිස් නිලධාරියා බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පොලිස් නිලධාරීන් සහ අදාළ පුද්ගලයා අතර පොර බැඳීමක් සිදුව ඇති අතර ඔහු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සැකකරු වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය ද රැගෙන පලා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු සොයා වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.