දෙමළ අය කෑමට ප්‍රිය කරන මැලේ අච්චාරු හදමු මෙන්න රෙසිපි...
Tamils
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
අච්චාරු කවුද කන්න අකමැති. අවුරුදු කාලයට වගේම ගෙදරක දොරක උත්සව අවස්ථාවක සාදන ආහාරයක් තමයි මේ අච්චාරු කියන්නේ. අච්චාරුත් විවිධ වර්ගයෙන් තියෙනවා. සිංහල ජනතාවට වඩා දෙමල ජනයා අච්චාරු කෑමට රුසියෝයි. දෙමල අය විශේෂයෙන් ප්‍රිය කරන කෑමක් වන මැලේ අච්චාරු සාදන අයුරු ගැනයි මේ කියන්න යන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය -
- කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g
- මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g
- අබ කුඩු තේ හැඳි 1½ හිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g
- විනාකිරි මේස හැඳි 4
- මිරිස් කුඩු තේ හැඳි 2
- ගම්මිරිස් තේ හැඳි ½
- සුදු ළුණු ආලේපය තේ හැඳි 1½
- ඉඟුරු ආලේපය තේ හැඳි 1
- සීනි මේස හැඳි 2
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු
- කැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g
සාදන අයුරු -
- රතු මිරිස් ගෙන හොඳින් සෝදා කැබලි වලට කපන්න. කැරට් ගෙන එහි පොතු හැර කැබලි වලට කපාගන්න. රතු ළුණු වල පොතු ඉවත් කර පසෙකින් තබන්න. භාජනයකට අබ කුඩු, මිරිස් කුඩු, සීනි, ගම්මිරිස්, ලුණු, සුදු ළුණු ආලේපය, ඉඟුරු ආලේපය, සහ විනාකිරි දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න. රට ඉඳි යොදා මිශ්‍ර කරගන්න. පදම රස බලන්න. මිශ්‍රණයේ රසය පැණිරස සහ උණු විය යුතුය. අවශ්‍යය නම් තව මිරිස් කුඩු සහ විනාකිරි දමන්න භාජනයකට ළුණු, මාලු මිරිස් සහ කැරට් එකතු කරගන්න. හොඳින් මිශ්‍ර කරගන්න. ඉවතට ගෙන භාජනයකට දමා කෑමට ගන්නා තුරැ හොදින් වසා තබන්න.
සැලකිය යුතුයි : අබ වල තිත්ත රස නැති වීම සඳහා අබ ටික පැය 1/2 ක් පමණ විනාකිරි වල තබා අඹර ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |