හවස තේ එකට ආප්ප ගෙදර දිම හදමු මෙන්න රෙසිපි...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
ආප්ප කියන්නෙ කොයි කවුරුත් අතර ජනප්‍රිය ආහාරයක්. මෙම ආප්ප විවිධ රසයෙන්ද හදන්න පුළුවන් බිත්තර ආප්ප, ප්ලේන් ආප්ප, සීනි සම්බල ආප්ප, හකුරු ආප්ප.ආදි විවිධ වර්ගයේ ආප්ප ඇත නමුත් අද මේ කියන්න යන්නේ ප්ලේන් ආප්ප හදන විදියක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය-
- සුදු කැකුළු හාල් කප් 2 (කැකුළු හාල් පිටි කප් 2ක් ගන්නත් පුළුවන්)
- උකු පොල් කිරි
- දිය කිරි
- සීනි මේස හැන්දයි
- පාන් පෙත්තක්
- ලුණු
සාදන අයුරු-
- හාල් පිටි වලට පාන් පෙත්ත සහ පොල් වතුර , සීනි දමා අනා දිය කිරි දමා අවම පැය 6ක් හෝ උපරිම පැය 8ක් මේ මිශ්‍රණය වහල තියන්න. පැය හය කට අටකට පමණ පසු දිය කිරි, ලුණු ටිකක් එකතු කර මිශ්‍රනය සකසා ගන්න. පසුව මිශ්‍රණය පදමට ආ පසුව ආප්ප හදන්න ගන්න. තාච්චිය පදම් කරල ගත්තත් ඇලෙන ගතියක් එනව නම් මිශ්‍රණයට බිත්තරයක් එකතු කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |