උදේ පිටි කිරි වෙනුවට මුංඇට වලින් පෝෂණීය පානයක් හදාගන්න...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 07, 2022 09:02 AM GMT
Report

මුංඇට ගුණදායක ධාන්‍ය වර්ගයක් බව කවුරුත් දන්නා කරුණක්. එපමණක් නොව අතීතයේ සිට රූපලාවණ්‍ය සත්කාර සඳහා ද විවිධ ආහාර වර්ග සෑදීම සදහාද මුංඇට භාවිත කර ඇත. ශරීරයට අවශ්‍ය නිරෝගී බව, පෝෂණය ඇති කිරීමේ විශේෂ හැකියාවක් සහිත ය. මුංඇට යොදා ගෙන නිවෙසේදීම පහසුවෙන් කළ හැකි පානයක් ගැනයි අද අපි මේ කතා කරන්නේ.


 අවශ්‍ය ද්‍රව්‍ය -

  • මුංඇට කෝප්ප 1
  • සුදුළූණු බික් 2
  • පොල්කිරි කෝප්ප 1
  • ලුණු ස්වල්පයක්.
  • සීනි.


සාදන ආකාරය -

මුංඇට ටික රැයක් පෙඟෙන්න තියන්න. ඊළඟට මේක වතුර දාලා තම්බගන්න. සුදුළූණු ටිකත් දාගන්න.මුං ඇට හොඳට තැම්බුනාම වතුර අයින් කරලා වෙනම භාජනයකට දාගන්න. දැන් මුංඇට ටික ආයෙ ලිපේ තියල පොල්කිරි එකතු කරන්න.‍ රස අනුව ලුණු දාලා නටවගන්න. ලිපෙන් බාලා නිවෙන්න තියන්න. නිවුනට පස්සෙ හොඳට බ්ලෙන්ඩ් කරලා පානය කරන්න. අවශ්‍ය නම් සීනි සමග වුවද භාවිත කල හැකිය. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now