හැමෝම ආසාවෙන් කන කඩචෝරු ගජූර් ගෙදරදිම හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 16, 2022 10:24 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ලොකු පොඩි අපි හැමෝම කන්න කැමති දෙයක් තමයි කඩචෝරු කියන්නේ . අම්මා පොලේ ගියත් කඩේ ගියත් අපි හැමෝම බලන් ඉන්නේ ගෙදර එනකම් මොකද කඩචෝරු ගේනකම්. කඩචෝරු අතර ගජූර් කියන්නේ හැමෝම ආස දෙයක්. ඉතින් මේ කඩචෝරු ගෙදරදිම හදා ගන්න විදියක් ගැනයි මේ අපි කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය -

  • පිටි ග්‍රෑම් 200
  • බටර් මේස හැඳි 2
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • බේකින් පවුඩර් තේ හැඳි 1/4
  • සීනි ග්‍රෑම් 150
  • වතුර කෝප්ප 1/2
  • තෙල්


සාදාන අයුරු -

  • රොටි මිශ්‍රණයක පදම එන තෙක් සියල්ල හොඳින් අනාගන්න. පැය භාගයක් තබන්න. ඉන්පසු පිටි මෝලිය තුනී කරගන්න. පින්සලකින් තෙල් ආලේප කරන්න. උඩින් පිටි ස්වල්පයක් හලන්න. ඉන්පසු තුනී පිටි තට්ටුව දෙකට නවන්න. යළිත් තෙල් ආලේප කොට පිටි ස්වල්පයක් උඩින් දමන්න. යළිත් දෙකට නවන්න. රවුම් කරන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට කොටස් කපාගන්න. තුනී කරගන්න. අඩු ගින්දරේ ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. සීනි, වතුර සහ ලුණු එක් කර පැණි මිශ්‍රණය සාදාගන්න. ලිපේ ගින්දර අඩු කොට එයට පතුරු එක් කරන්න. හොඳින් පැණි දැවටුණු විට නිවෙන්නට හරින්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 


Join now