හවස තේ එකට පොල් කේක් ගෙදරදිම හදමු මෙන්න විදිය...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 12, 2022 09:49 AM GMT
Subodha

Subodha

in රචනා
Report

කාටත් කන්නට පුළුවන් වෙන කේක් එකක් තමයි පොල් කේක්. හසවට තේ කෝප්පයක් බොන්න කියාපු රස කැවිල්ලක් තමයි රට ඉඳි සහ වියළි මිදි වගේම පැණි පොල් එක්කරලා හදන පොල් කේක්. පොල් කේක් ගෙදරදිම හදන රෙසිපි එක මෙන්න ..

අවශ්‍ය ද්‍රව්‍ය-

  • හීනියට ගාගත්ත පොල් - 250g
  • කිතුල් පැණි - 340ml
  • පාන් පිටි - 150g
  • බිත්තර - 03
  • කොටගත්ත කරාබු නැටි, කරදමුංගු, කුරුදු පොතු මිශ්‍රණය - තේ හැඳි 01
  • බේකින් පව්ඩර් - තේ හැඳි 01
  • කෑලි කපා ගත්ත රට ඉදි - 100g
  • කෑලි කපා ගත්ත කජු - 100g
  • වියළි මිදී - 50g
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 01

සාදන අයුරු -

  • පැණි ටික පෑන් එකකට දාලා මද ගින්දරේ රත් කර ගන්න. මෙතැනදී ඔක්කොම පැණි ටික දාගන්න එපා. පැණි පොඩ්ඩක් ඉතුරු කර ගන්න. මේ ටික අපිට කේක් එක හදලා ඉවර උනහම ඕනේ කරනවා. මේ පොල් කේක් එක හදන්න කිතුල් පැණි වෙනුවට පොල් පැණි, සීනි, හකුරු එහෙමත් අර ගන්න පුළුවන්. දැන් මේකට කොටාගත්ත කරදමුංගු මිශ්‍රණය හා ලුනු දාන්න. පොල් ටික දාලා කලවම් කර ගන්න. මේ පොල් පැණි ටික තෙත ගතිය තියෙද්දී ලිපෙන් බා ගන්න. පොල් පැණි ටික වේලිලා ගියොත් එහෙම කේක් එකත් ටිකක් වේලෙන්න බලනවා.
  • බිත්තර ටික බීට් කර ගන්න. පිටි ටික බේකින් පව්ඩර් ටිකත් එක්ක කලවම් කර ගන්න. ඔයාලාගේ පිටි වල කැටි වගේ තියනවනම් පිටි ටික හොඳට හලලා අර ගන්න. පොල් පැණි ටික හොඳට නිමුනාට පස්සේ බීට් කර ගත්ත බිත්තර ටික දාන්න. පොල් පැණි රස්නේ තියෙද්දී බිත්තර දාන්න එපා. එතකොට බිත්තර ටික ටිකක් කැටි වෙන්න බලනවා. දැන් මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න. පිටි ටික දාගත්තාට පස්සේ අපේ කේක් එකේ පාට ටිකක් අඩු වෙනවා. ඔයාලට මේ කේක් එක හොඳටම තද පාටට ඕනේ නම් එහෙම පොල් පැණි හදද්දී සීනි ටිකක් කර කරලා අර ගන්න. ඊළගට කජුයි, රට ඉදියි, වියළි මිදියි, වැනිලා ටිකයි දා ගන්න. මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේ කේක් එක 180°C ක උෂ්ණත්වයක විනාඩි 45ක් විතර බේක් කර ගන්න. කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ අවන් එකෙන් එලියට අරගෙන අපි ඉතුරු කර ගත්ත පැණි ටික කේක් එක උඩින් ගාන්න. අපි මේ පැණි ටික ගාන්න ඕනේ කේක් එක රස්නෙට තියෙද්දී. එතකොට කේක් එකට පැණි ටික හොඳට උරා ගන්නවා. දැන් මේ කේක් එක නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now