මෛත්‍රී තීරණය රිවර්ස් කරයි... අගමැතිට වහාම යැවූ ලිපිය.
පසුගිය 9 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයෙන් පසු දිවයින පුරා ඇතිවූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 231 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් 231 දෙනාගෙන් 68 දෙනෙකුම මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
නිට්ටඹුව නගරයේ පසුගිය 9 වනදා ඇතිවූ නොසන්සුන්තාවට සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ද පුද්ගලයින් හතරදෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වූ වෙළඳසැලෙහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් සහ ඒ ඔස්සේ ලබාගත් සාක්ෂි මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ බවට සාක්ෂිවලින් අනාවරණ වූ පුද්ගලයෙකු ද මොරටුව - මොරටුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු මොරටුව මහ නගර සභාවේ සේවය කරන 49 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන සහ මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුරයේ පිහිටි නිවෙස්වලට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිමිනමක් ඇතුලු 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන්ගෙන් පිරිසක් මේ මස 18 වනදා දක්වාත්, තවත් පිරිසක් ලබන 23 සහ 24 දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. එමෙන්ම ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හතරදෙනා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පියවර ගෙන තිබුණේ. මේ අතර අරගලයේ යෙදෙන මුවාවෙන් ගාලු මුවදොර ප්‍රදේශයට ගොස් එහි නතර කර තිබූ යතුරුපැදි සොරකම් කළ මතුගම පොඩ්ඩා නැමැත්තා පොලිසිය අද මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිපැන්න - මතුගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකු වන මොහු මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මෙලෙස යතුරුපැදි සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී සොරකම් කරන ලද යතුරුපැදි සහ අමතර කොටස් ද සොයාගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |