ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත තීරණයක්..!

By Sewvandhi Apr 04, 2022 01:07 PM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බවයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ (03) කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව යි රාජ්‍ය අමාත්‍යවරුන් මෙම තීරණ්‍ය ගෙන ඇත්තේ. තවදුරටත් දිවයින පුරා ජනතාව වීදි බැස වත්මන් ආන්ඩුවට හා පාලන ක්‍රමයට එරෙහි ව විරෝධතාවල නිරත වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now