මහිපාලගේ ගොවිපොලට ගිණි තබන විට හමු වූ පුදුම හිතෙන දේ..

Sri Lanka Police Go Home Gota Sri Lanka Gota Go Home 2022 SL Protest
By krishani May 11, 2022 02:16 AM GMT
Report
Courtesy: Lankadeepa

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපොළේ ගබඩාවකවක යූරියා පොහොර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පොහොර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් ගෙන ඇත.

කුපිත වූ පිරිසක් එම ගොවි පොළට පැන එම ගොවිපොළ තිබූ දේපොළවලට ගිනි තබද්දී එම පොහොර තොගය සොයා ගෙන තිබේ.

එම ගොවිපොලේ ගබඩාවේ තිබූ අත් ටැක්ටර් කීපයකට ද කුපිත වූ පිරිස් විසින් ගිනි තබා විනාශ කොට ඇති අතර ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join