අගමැති මහින්දගේ ශල්‍යකර්මය ගැන නාමල් ගෙන් අමුතුම හෙළිදරව්වක්..

Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Shiranthi Rajapaksha Mahinda Rajapakshe surgery
By Aruna Jan 26, 2022 10:57 PM GMT
Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදු කළ බව කියන ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ, එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

තමන් සහ තම පියා රෝහලේ රෝගියෙකු බැලීමට ගියා මිස ශල්‍යකර්මයක් සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කළා.

අදාල සැත්කම සිදු කළා යැයි පවසන දවසේ තම මවගේ උපන්දිනය ද බවත් එදින තම පවුලේ සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු විසින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා.

මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now