විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනපති එකඟ වෙයි...අගමැති මහින්දත් අස්වීමේ ලිපිය භාර දීලා?..
තමන්ගේ ධුර කාලයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ඊයේ පැවැති සාකච්ඡාවේදී ඔහු එහි සඳහන් කර ඇත.
දැනට රට තුළ පවතින අස්ථාවර තත්ත්වය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 13 කින් යුත් වැඩපිළිවෙළ ඊයේ දිනයේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටිනවා.
ඒ මහතා ඊයේ පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය රුවන්මැලි සෑය වැඳපුදා ගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
අද දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |