අගමැති ඕන.. එපා.. අරලියගහ මන්දිරය ඉදිරිපිට නොසන්සුන්කාරී වෙයි - එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)

By krishani May 09, 2022 07:10 AM GMT
Report

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයි බලකරමින් පිරිසක් අද (09) පෙරවරුවේ අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණයක නිරත වුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බවට වාර්තාවීමත් සමග අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්නොවන්නැයි බලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් රැසක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරය වෙත එලෙස පැමිණ තිබුණි.

මේ අතර අද පැමිණි පිරිස සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලු පාරේ රැඳී සිටින පිරිස අතර මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ දෙපාර්ශ්වය අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join