අගමැති මහින්ද ඉවත් වෙයි?අරලියගහ මැදුරේ නවතම දර්ශන මෙන්න.(VIDEO)
කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නිලධාරින් මෙන් ම විවිධ පාර්ශ්ව එක්වෙනු ඇති.
කෙසේවෙතත්, අග්‍රාමාත්‍යවරයා හට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට ආයාචනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු පාක්ෂිකයින් සටන් පාඨ කියමින්, කොළඹ සිට පාගමනින් අද අරලියගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර, අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ගන්නේ ද යන වග තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකියි.
අරලියගහ මන්දිරය අලස නවතම දර්ශන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |