අගමැති මහින්දට අනුරපුරයේදී හදිසියේ සිදුවූ දේ..ආරක්ෂ අංශ වහාම ක්‍රියාත්මක වෙයි.(VIDEO)

Mahinda Rajapaksa
By Aruna May 08, 2022 06:52 AM GMT
Report

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී මහා බෝධිය අසලදී කීපදෙනකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය දක්වා ඇති අතර අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට ආ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් දක්වා ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂ මහතාට යළි විරොධයක් එල්ල වී ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now