හෙට උදේ 9.00ට කරන්න යන සුවිශේෂම වැඩේ මෙන්න..දැඩි අවධානයෙන් ඉන්න.

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Gota Go Home 2022 Temple Trees
By Aruna May 07, 2022 11:06 PM GMT
Report

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දැක තිබෙනවා.

අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසුනු ඔවුන් දන්වා සිටියේ, අග්‍රාමාත්‍යවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙසත්ය.

එසේ කලහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත්ව අගමැති ධුරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කළහ.

ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට බවත් පළාත් පාලන නියෝජිතයන් මෙහි දී පෙන්වා දී ඇත.

මේ අතර එළඹෙන සඳුදා දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9 ට රැස් වන්නැයි ඔවුන් දන්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now