අගමැතිගේ ඉල්ලා අස්වීම ගැන පොහොට්ටුව ඇතුලේ තියෙන ඇත්ත කතාව..

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani May 01, 2022 03:26 AM GMT
Report

නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ.

රටේ ඇතිව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පක්ෂ නායකයන් සමඟ ජනාධිපති මන්දිරයේ පෙරේදා (29)පැවති සාකච්ඡාවේදී එකඟතාව පළකර ඇත .

ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික උපදේශක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත.  

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් සහ පළාත් සහාවල හිටපු මන්ත්‍රීවරුන් ඉකුත් බදාදා අරලියගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය.කවුරුන් හෝ මන්ත්‍රීධූර 113ක් පෙන්වුවහොත් අගමැති ධුරය දීමට තමා සූදානම් බව ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join