අගමැති මහින්ද ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි..
By Sithumi
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එය බොහෝ විට ලබන සඳුදා දිනයේදී සිදුවීමට ඉඩ ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් ද සහයෝගය දැක්වූ බව වාර්තා වේ.
රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.