හිටපු අගමැති, ඇමති ජොන්ස්ටන් ඇතුළු 15ට අධිකරනයෙන් විශේෂ නියෝගයක්
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 14 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බ්‍රහස්පතින්දා (12) විදෙස් ගමන් තහනම් කළේය.
සඳුදා (9) පැවති ගොඨාගොගම සහ මයිනගෝගම සාමකාමී විරෝධතා ස්ථානවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ හේතුවෙන් ඔවුන්ට විදෙස්ගත වීම තහනම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, කංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, සම්පත් අතුකෝරල, රේණුකා පෙරේරා, සනත් නිශාන්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු මන්ත්‍රීවරුන්ට ද මෙම නියෝගය පනවා තිබේ.
ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල වූ ප්‍රහාර පිළිබඳ විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් එම පුද්ගලයන් 17 දෙනා එම ප්‍රහාර කුමන්ත්‍රණය කර සැලසුම් කළ බව පෙනී යන බැවින් ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |