අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙනවද නැද්ද..? අගමැතිගේ තීරණය දිනේෂ් හෙළිකරයි..!

Parliament of Sri Lanka Dinesh Gunawardena Mahinda Rajapaksa Sri Lanka Economic Crisis Prime minister
By Sewvandhi May 04, 2022 10:25 AM GMT
Report

තමන් අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් නො වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේ යැ යි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී නිමාව දුටු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ‍රැස්වීමෙන් අනතුරු ව ජනමාධ්‍යවේදින් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්. මීට පෙර වාර්තා පළ වුයේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජප්කෂ අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය තනතුර අත් හැරීමට තමන්ගේ ඇති සූදානම පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දීමට සූදනම් වන බව යි.

කෙසේ වෙතත් එම ප්‍රකාශය හරහා ද අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත ව තිබුණේ, පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන කණ්ඩායමකට ඉඩ දී සිය තනතුර අත් හැරීමට සූදානම් බව යි.

එසේ නොමැති ව අග්‍රාමාත්‍ය ධුරය අත් හැර පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක වශයෙනුත් රටත් අරාජික කිරීමට තමන් සූදානම් නොමැති බවත් ඔහු ප්‍රකාශ කිරීමට නියමිත ව තිබූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත් ඊයේ හවස විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි ව භාර දුන් විශ්වාසභංග යෝජනා හේතුවෙන් මෙම විශේෂ ප්‍රකාශයේ සැලැසුම වෙනස් වූ බව පසු ව වාර්තා වුණා.

ඒ අනුව යි අද පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතෙක් පැවති සිය ස්ථාවරය වෙනස් කරමින් අග්‍රාමාත්‍ය ධුරය අත් හැරීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now