රටේ තත්ත්වය ගැන මහින්ද හඬ අවධිකරයි..වැටුප ගැනත් හෙළිදරව්වක්..

Election Commission of Sri Lanka Sri Lanka Mahinda Deshapriya
By Aruna May 12, 2022 03:52 AM GMT
Report

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ.

කිසිදු පාර්ශවයක් අගමැති ධුරය සදහා නමක් යෝජනා නොකරන්නේ නම් ජනාධිපතිවරයාට, අගමැති ධුරය සදහා අවශ්‍ය කෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙන බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි.

ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය චමින්ද පී කල්පගේ පැවසුවේ.

මේ අතර වර්තමානයේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත් දින කිහිපයක් පැවතුනොත් එය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උදව් නොවන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පැවසුවා.

මෙම තත්ත්වය තවත් සති දෙකක් පමණ කාලයක් පැවතුනොත් තමන්ද ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now