ලෝක පූජිත මහේලගෙන් අනාවැකියක්.!!
භානුක, වනිඳු, දුෂ්මන්තගේ ක්‍රීඩා විලාසය මම අගය කරනවා ඉන්දීය ප්‍රීමියර් ලීගයේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පෙරේදා (10 වැනිදා) සමත් වුණා.
ඒ දුෂ්මන්ත චමීර ක්‍රීඩාකරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත් කරමින්.
ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පළමු වරට එක්වූ කණ්ඩායමක් වන අතර ඔවුන් මේ වනවිට සහභාගී වූ තරග 12න් 9ක් ජයගෙන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.
මේ අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පෙන්වූ දස්කම් අනුව ලබන 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරළියක් සිදුකළ හැකි යැයි තමන් විශ්වාස කරන බව මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්ධන පැවසුවේය.
ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.
එහිදී භානුක රාජපක්ෂ, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරගේ ක්‍රීඩා විලාසය තමා අගය කරන බවද සඳහන් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |