මුදලට බාල්දු වූ මනුස්සකම..ගිනිගත් මිනිසුන් අතහැර වෙළඳසැලේ ගිනි නිවා ජීවිත දෙකක් අහිමි කළ සංවේදී අවස්තාව (CCTV VIDEO)
පිපිරීමක් සමඟ වෙළෙඳසැලක හටගත් ගින්නකින් පසුව සිරුරට ගිනි ඇවිලී දෙදෙනෙකු මියගිය සංවේදී පුවතක් පිළියන්දලින් වාර්තා වෙයි.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකු සහ 26 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.
කෙසේ වෙතත් ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ අදාළ වෙළෙඳසැලේ හිමිකරුවන් විසින් ගිනිගත් වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කලද සිරුරට ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් නොකිරීම හේතුවෙන් ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ බවටය.
එසේම ඔවුන් පවසන්නේ මේ දක්වා අදාළ වෙළෙඳසැල පාර්ශවයෙන් මියගිය දෙදෙනා වෙනුවෙන් කිසිදු සොයාබැලීමක් නොකළ බවය. පසුව ඔවුන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරුව ඉකුත් 4 වනදා 26 හැවිරිදි තරුණයාද අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත. මේ අතර සිද්ධිය වූ දින මහරගම පිළියන්දල පාරේ පල්ලිගෙදර ප්‍රදේශයේ පිහිටි අදාළ වෙළෙඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල පිපිරීම මෙලෙස සටහන්ව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join Now |