ශිෂ්‍යත්වයක් 10000කින් වැඩි කරයිද?..ඉසෙඩ් අගය මත තීරණය කරන්න යයි...

Sri Lanka Education University Mahapola scholarship
By Aruna Mar 13, 2022 02:43 AM GMT
Report

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදෙන සරසවි සිසුන් ප්‍රමාණය සීමා කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලේඛනයක් නිකුත් කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරනවා.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, විශ්වවිද්‍යාල රැසක මහපොල ශිෂ්‍යාධාර වාරික නියමිත පරිදි ලබා දීමට කටයුතු කර නොමැති බවයි.

මේ සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංගගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

මහපොල ශිෂ්‍යාධාරය ලබාදෙන සරසවි සිසුන් ප්‍රමාණය සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු කියා සිටියා.

Z අගය මත ඉහළ කුසලතා දක්වන සිසුන්ට සහ අඩු අදායම්ලාභී පවුල්වල සිසුන්ට වෙනසකින් තොරව මහපොළ ශිෂ්‍යාධාරය අඛණ්ඩව ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අන්තරේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැඩි දුරටත් පවසන්නේ, සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බැවින් මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 10,000ක් දක්වා වැඩිකළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now