තිදරු මවගේ ඝාතකයා අල්ලයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 17, 2023 11:56 AM GMT
Report

 මැදිරිගිරිය පොලීසිය සඳහන් කළේ, මිරිස්හේන ධීවර ගම්මානයේදී පසුගිය 15 වන දින අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරු නීතීඥවරයකු මාර්ගයෙන් මැදිරිගිරිය පොලිසිය වෙත භාර වූ බවයි.

 සැකකරු පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව සිදු කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සදහා යොදා ගත් මෙරට නිෂ්පාදිත තුවක්කුව මිරිස්හේන ප්‍රදේශයේ කැලෑවක කොල රොඩුවලින් වසා සඟවා ඇති බවයි.

 ඉන්පසුව අදාල ස්ථානය පරික්ෂා කළ නිළධාරීන් තුවක්කුව සොයාගෙන ඇත. සැකකරු මෙම ඝාතනය සිදු කර ඒයට යොදා ගත් තුවක්කුවද ඒලෙස සඟවා ප්‍රදේශයෙන් පළා ගොස් නැවත් පසුදින සවස නීතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇත. ඝාතනයෙන් මියගොස් සිටියේ කේ.ඒ නෙරංජලා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි තිදරු මවක්.

එමෙන්ම,

අද දිනයේ මරණ 4ක් පස් කදු ක්ඩා වැටී වාර්ථා වුණා.

නුවරඑළිය නගර ආසන්නයේ පිහිටි හෝටලයක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු මතට ඊයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල වැලිහේන ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 43 හැවිරිදි මාමා සහ 23 හැවිරිදි බෑනා වන බවයි නුවරඑළිය පොලීසිය සදහන් කළේ. 

එමෙන්ම අද රක්වාන ප්‍රදේශයේද එලෙසම අනවසර පතල් කැණීමක් සිදු කල දෙදෙනෙකුද පස් කන්දකට යටවී මිය ගොස් තිබුණා.