අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්..පෙම්වතියත් රෝහලේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi May 02, 2023 10:19 AM GMT
Report

මැදවච්චිය පොලිසිය ප්‍රකාශ කළේ, ඊයේ (1) සවස අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

එනම් අදාළ තරුණයාගේ එක් අතක කැපුම් තුවාලයක් පෙනෙන්නට තිබෙන බව පොලීසිය සඳහන් කරයි. බෝගහවැව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පොලොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ හිටපු පෙම්වතිය බව කියන තරුණිය සමඟ මැදවච්චිය ප්‍රදේශය පිහිටි තාවකාලික ලැගුම් හලකට පැමිණ කාමරයක ලැගුම්ගෙන සිටිමින් තිබුණු බව පොලීසිය සඳහන් කරනවා.

මෙහිදී අදාළ තරුණයා මීට දින කිහිපයකට කලින් වෙනත් තරුණියක් සමග විහාර වී ඇති බව ඇති බව කල්තියා දැනගෙන සිටි පෙම්වතිය ඒ ගැන ඔහුගෙන් විමසාඅත් බෑග් එකේ සඟවාගෙන පැමිණි පිහියකින් ඔහුට ඇනීමට උත්සාහ කළ අවස්ථාවේ දෙදෙනා අතර පොර බැඳීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වනවා.

එනම් පොලීසිය සඳහන් කළේ, තරුණයාගේ අතකට තුවාල සිදු වී ඇත්තේ මෙම පොරබැදීම සිදුවන අවස්ථාවේදී බවත් පසුව පෙම්වතිය බව කියන තරුණිය නිදි පෙති අධි මාත්‍රාවකින් පානය කිරීම නිසා ඇය ද රෝගාතුර ව ඇති බවත්ය.

ලැගුම්හලේ අයිතිකරු සහ සේවකයින් වහා ක්‍රියාත්මක වී දෙදෙනාවම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now